TalkingWasanthi
මට හිතෙන හැටි

මට හිතෙන හැටි 08

Jul 05, 2026

පරාජය වෙනුවට ජයග්‍රහණය සොයා යන කියවීමේ පිපාසය.

ඕෂෝ (භගවාන් ශ්‍රී රාජ්නිෂ්) නමැති ඉන්දියානු චින්තකයාගේ පොත් කියවීමට මා ප්‍රිය ය. ඔහුගේ අදීන අදහස් සහිත කෘතියක් වුණු courage නමැති කෘතිය කියවීමෙන් මා ලැබුවේ පුදුමාකාර ශක්තියකි.

මා බොහෝ විට කියවීමට ප්‍රිය කළේ කඩා වැටෙන ජීවිත වෙනුවට ගොඩ නැගෙන ජීවිත පිළිබද  ලියැවුණු කෘතීන්ය. මා රස විදීමට කැමති වූයේ කළකිරීම් ඇති සිතුවිලි වෙනුවට අධිෂ්ඨානයේ, වීර්යයේ සිතුවිලි වලින් නිමැවුණු නිර්මාණය.

කදුළු වලින් තෙමා යන ජීවිත තුළ හැමදාමත්  දකින අදුර විනිවිද යන්නට අනතුරු මැද ජීවත් වීමේ ප්‍රමෝදය (The joy of living dangerously) අත්විදිය යුතුයි.

2009 දී ඕෂෝගේ courage නමැති කෘතියේ පරිවර්තනය  ගාමිණී අයියා (ගාමිණි ශාන්ත කුමාර විතාන ) විසින් මවෙත එවා තිබුණේ

“ඔන්න නංගිට මං නියම පොතක් එව්වා” කියා යි.

දිරිය නම් වූ එම කෘතිය කියවීමෙන් මා මෙතෙක් ඕෂෝ නමැති චින්තකයාගේ තවත් නොදුටු පැත්තක් කියවීමට සමත්විය. ධෛර්ය, විශ්වාසය, අහිංසාවේ මාර්ගය, ප්‍රඥාවේ මාර්ගය, හදවතේ මාර්ගය, ආදරයේ ධෛර්යය, සීමා මායිම් නැති ලෝකය.  ඕෂෝ එකින් අපූරුවට පැහැදිළි කර ඇත.

ඕෂෝගේ මේ කෘතිය තුළ මා උගත් වටිනාම අංගය වූයේ බිය පිළිබදවයි.  බිය පත්විම තුළම ඇති අනතුරක සේයාව  අවබෝධකොට ගැනීමත්, එතුළින්ම අධිෂ්ඨානය ඇතිකර ගනිමින් ජයග්‍රහණය කරා සිය අරමුණ මෙහෙයවා ගැනීමත් මා දකින්නේ අනතුරු මැද ජීවත්වීමේ ප්‍රමෝදයයි.

ඕෂෝගේ  චින්තන විග්‍රහයේ, ධෛර්යයේ සහ විශ්වාසයේ මාර්ගයය පිළිබද හැදෑරීම තුළ මා අත්වින්දේ අපමන ශක්තියකි. ධෛර්යවන්ත මිනිසෙකු සහ බියසුල්ලෙකු අතර වෙනස මැනවින් හදනා ගැනීමට ඕෂෝ ගේ කෘතිය තුළින් හැකිවේ. ජීවිතේ අභියෝග භාර ගැනීමට නම් අනිවාර්යයෙන්ම බිය නසා දැමිය යුතුය. ජීවිතය පුරාම ඇත්තේ බියයි. එය පරාජය කිරීමයි අභියෝගය.

ඕෂෝගේ චින්තනයේ ධෛර්යය පිළිබදව ලියූ කරුණු පිළිබදව මම හැම විටෙකම මගේ ජීවිතයට අනුගත කර ගැනීමට යත්න දැරීය.

විශ්වාසය පිළිබද කියැවීමේදී මිනිසුන් විශ්වාස නොකරන්නේ ඇයි? යන පැනයට ඕෂෝ පිළිතුරු දුන්නේ ඔවුන් තමන්ගේ ප්‍රඥාව විශ්වාස නොකරන බැවිනැයි පවසයි. නැවතත් ඔවුන් බියට පත්වෙයි. බිය නිසා සැක කරයි. තමන් රවටනු ඇතැයි බියට පත්වෙයි.

සැකය අපේම ප්‍රඥාවේ අනාරක්ෂිත තත්වයක් බව ඕෂෝ පෙන්වා දෙයි. තද ආත්ම විශ්වාසයක් මා තුළ නැති තාක් විශ්වාසය තුළට යා නොහැක. විශ්වාසය සදහා මහා ප්‍රඥාවක්, ධෛර්යයක් සහ සෘජු බවක් අවශ්‍ය වේ. එතැනට යාමට නම් ශ්‍රේෂ්ට හදවතක් හිමිවිය යුතුය.ප්‍රමාණවත් ප්‍රඥාවක් නොමැති නම් මම ආරක්ෂා වන්නේ සැකය හරහායි.

අනතුරු මැද ජීවත්වීමේ ප්‍ර මෝදය මා ඕෂෝ නිසා අත්විදිමින් සිටිමි.

එනිසා මම ජීවිතය තේරුම් ගැනීමට උත්සාහා නොගනියි. එහි ජීවත්වෙයි. ආදරය වෙත පිය නගයි. එවිට නිරායාසයෙන් මට ජීවිතය දැනේ. දැනුවත්වීම සිදුවන්නේ අපේම අත්දැකීම් තුළිනි. මම වැඩියෙන් දැන ගන්නා විට දැන ගැනීමට තවත් බොහෝ දේ ඉතිරිවේ.

එනිසාම අනතුරු මැද ජීවත් වීමට මම වඩාත් කැමැත්තක් දක්වමි.

Share this article
Related Reading

More from මට හිතෙන හැටි

මට හිතෙන හැටි 01

මට හිතෙන හැටි 01

පුංචි කාලේ ඉදන් තාත්තා මට පුරුදු කළා යන හැමතැනකම කුඩා සටහන් පොතක් (නෝට් බුක් එකක්) සහ පෑනක් ගෙනියන්න. එයා මට කියලා දුන්නේ හැමවෙලාවෙම තමන් දකින, විදින අළුත් දේවල් අමතක වෙන්න කළින් ල...

Read More
මට හිතෙන හැටි… 06

මට හිතෙන හැටි… 06

ජංගම දුරකතනය නාදවෙද්දී එහි සටහන් වූයේ බෝගල ශාන්ත ගේ නමයි. මසකට වරක් දෙවරක් හෝ තුන්වරක් මෙම අංකයෙන් මට ඇමතුමක් ලැබෙයි. වසර පහක් පුරා ඒ අංකය එලෙස නාද වෙයි.

Read More
මට හිතෙන හැටි… 07

මට හිතෙන හැටි… 07

ජීවිතාරක්ෂක සේවාව ගැන මම ගැඹුරින් අධ්‍යනය කර නැහැ. ඇලේ, දොලේ, වැවේ පිහිනීමට සාමාන්‍යයෙන් පුළුවන් වුණත් නිසි ක්‍රමවේදයක් ගැන හරි හැටි අවබෝධයක් තිබුණෙත් නැහැ. නමුත් ජීවිතාරක්ෂකයින...

Read More